පාසල් පුවත් සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්
සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

Added By : Vidubima Admin
Date : May 03, 2024 08:53 pm
Views :

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන් එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබීමෙන් දුෂ්කරතාවට පත්ව තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, තාක්ෂණික කරුණක් හේතුවෙන් පැනනැගුණු එම ගැටලුව නිරාකරණය කර ඇති බවය.

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි 06 වනදා ආරම්භවීමට නියමිතය.

මෙවර විභාගය සඳහා 452,979 දෙනෙකු අයදුම්කර ඇති අතර ඉන් 65,331 දෙනකු පෞද්ගලික අයදුම්කරුවන් වේ.

අදදෙරණ BIG FOCUS වැඩසටහනේදී විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් අප මේ පිළිබඳ විමසූ විට ඔහු පැවසුවේ මේ වන විට එම පැනනැගුණු ගැටලුව නිරාකරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අදාළ පාසල්වලට දැනුම් දී ඇති බවත් විභාග‍ෙන් පසුව කිසිවිටෙකත් අයදුම්කරුවන් විභාගයට පෙනී නොසිටි බවට සලකුණු නොවන බවත්ය.

මේ අතර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන පවතින පාසල් අතුරින් 35%කට ආසන්න ප්‍රමාණයක ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ එලෙස මදුරුවන් සිටින බවට හඳුනාගත් පාසල් පිරිසිදු කිරීමට හෙට (04) සහ අනිද්දා (05) නිවාඩු දින දෙකෙහි අවශ්‍ය පියවර ගන්නා ලෙසට පාසල් බලධාරීන්ට සහ දෙමාපියන්ට දැනුම් දී ඇති බවය.

-derana-

Recently Added News